කොටසක් යනු කුමක්ද?
ලාභයෙන් කොටසක් සමානුපාතිකව ලැබෙන අයුරින් සමාන කොටස්වලට බෙදා වෙන් කරන ලද කිසියම් සමාගමක මූලධනයෙන් එක් ඒකකයක් කොටසකින් නියෝජනය වේ.හිමිකරගෙන ඇති කොටස් ප්‍රමාණයෙහි විශාලත්වය අනුව එම සමාගමට කොටස් කරුවාගේ ඇති අයිතියද අඩු වැඩි වේ.
සමාගම් කොටස්වල මුදල් ආයෝජනය බැංකුවල මුදල් තැන්පත් කිරීමට වඩා වෙනස් වේ.බැංකු තැන්පත් වලට පොලී ලැබෙන්නාසේම කොටස්වල ආයෝජනය කරන මුදල් සඳහා ලාභාංශ ලැබේ.එහෙත් ස්ථිර වශයෙන්ම කොටස් හිමියන්ට ලාභ ලැබෙන බවට කිසිදු සහතික වීමක් නැත.කොටස් අයත්වන සමාගම අදාළ වර්ෂයේදී ලාභයක් අත්කර ගතහොත් සහ එම ලාභ වලින් කොටසක් කොටස් හිමියන් අතර බෙදා දීමට තීරණය කරනු ලැබුවොත් පමණක් කොටස්වලට ලාභ ලැබෙනු ඇත.සමාගමක් එක් වර්ෂයක් තුළදී විශාල ලෙස ලාභ ලබා ගතහොත් කොටස් හිමියන්ට ද විශාල ලාභාංශයක් ලැබෙනු ඇත.එය එම මුදල් බැංකුවෙහි තැන්පත් කළා නම් ලැබිය හැකිව තිබූ පොළියට වඩා වැඩිවීමට ඉඩ ඇත.බැංකු තැන්පතු සඳහා නියමිත පොළියක් ස්ථිරවම ලැබේ.කොටස්වල ආයෝජනය සඳහා ලාභාංශ ලැබීමට හෝ නොලැබීමට ඉඩ ඇත.එම ලාභාංශ බැංකු පොළියට වඩා විශාල වශයෙන් වැඩි අගයක් ගැනීමට ඉඩ තිබෙන අතරම කිසිදු ලාභයක් නොලැබීමට ද ඉඩ ඇත.
එසේ නම් ඉතිරි කරගෙන ඇති මුදල් බැංකුවල තැන්පත් නොකර කොටස්වල ආයෝජනය කිරීමට පුද්ගලයන් පෙළඹෙන්නේ කුමක් නිසාද?ලාභාංශ හැරුණු විට කොටස්වල ආයෝජනය කළ විට වෙනස් වසියක්ද අත් වේ.එනම් ආයෝජනය කළ ප්‍රාග්ධන ප්‍රමාණයෙහි වටිනාකම වැඩි වීමයි.කොටස් මිලදී ගැනීමට සහ අලෙවි කිරීමට කොටස් වෙළඳපොළෙහි ඉඩ ලැබේ. එහි පවතින ඉල්ලුම් සහ සැපයුම් තත්වයන් අනුව කොටස්වල මිල දිනපතා වෙනස් වේ.
- ප්‍රාථමික කොටස් වෙළඳපළ
- ද්විතියික කොටස් වෙළඳපළ
ආශ්‍රිත ග්‍රන්ථ:- මද්දුමබණ්ඩාර සුනන්ද,(1998),ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපළ,අභය මුද්‍රණ ශිල්පියෝ, කඩවත