අරපිරිමැස්මේ විද්‍යාව

Friday, September 3, 2010

ආර්ථික විද්‍යාව යනු,

ආර්ථික විද්‍යාව යනු, අරපිරිමැස්මේ විද්‍යාවයි.මෙමඟින් මිනිසාගේ ආර්ථික කටයුතු මූලිකව විග්‍රහකෙරේ. ආර්ථික විද්‍යාව වෙනම විෂයක් ලෙස දියුණුවීම ඇරඹෙන්නේ 18වැනි සියවස අගභාගයේ එංගලන්තයේ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟය.
ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇඩම් ස්මිත්ගෙන් ඇරඹෙන සම්භව්‍ය ආර්ථික විද්‍යාඥ ගුරුකුලය විසින් මේ විෂය හදුන්වා දී ඇත.

"ආර්ථික විද්‍යාව මඟින් මහජනයා සහ රාජ්‍ය යන දෙපාර්ශවයම පොහොසත් කරයි."
ඇඩම් ස්මිත්

"ආර්ථික විද්‍යාව ධනය පාලනය කරන නීතීන් ගැන කෙරෙන විද්‍යාවකි."
ජේ.බී.සේ

"ආර්ථික විද්‍යාව ධනය සම්බන්ධ දැනුම් සම්භාරයකි."
ඩබ්.ඒ.වෝකර්

නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව ආර්ථික විද්‍යාව යනු මිනිසාගේ සුබ සාධනයට හේතුවන ආර්ථික කටයුතු හැදෑරීමයි.

"ආර්ථික විද්‍යාව සාමාන්‍ය ව්‍යාපාරික ජීවිතයේදී මිනිස් වර්ගයාගේ හැසිරීම පිළිබඳ කෙරෙන අධ්‍යනයකි."
ඇල්ප්‍රඩ් මාෂල්

නූතන ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඔවුන් මෙම විෂය හිඟය ආර්ථික වෘද්ධිය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂයින් අවධාරණය කරනු ලබයි. ලයනල් රොබින්ස්, පෝල් ඒ සැමුවෙල්සන් , ඩබ්. ඩබ්. රොස්ටොව් ඒ අතරින් කිහිප දෙනෙකි.

ආශ්‍රිත ග්‍රන්ථ:- පටබැඳිගේ ආනන්ද,(1998),ආර්ථික විද්‍යාව,පුබුදු මුද්‍රණ ශිල්පියෝ,මාකොළ

9 comments:

  1. වැදගත් වැඩක් ස්තුති

    ReplyDelete
  2. හොඳ කරුණු සොයා ගැනීමක්

    ReplyDelete
  3. කරුණු නිවැරදිව ඇත

    ReplyDelete
  4. ආර්තික විද්‍යඥයින් ගැන තව තොරතුරු හා නිර්වචන මෙම පිටුවට ඇතුලත් කරන්න

    ReplyDelete
  5. ආර්ථික විද්වතුන්ගේ නිර්වචන තව ඇතුලත් කරන්න පුලුවන්ද

    ReplyDelete
  6. ආර්ථික විද්වතුන්ගේ නිර්වචන තවත් ඇතුලත් කරන්න . ගොඩාක් ස්තුති

    ReplyDelete