අරපිරිමැස්මේ විද්‍යාව

ආර්ථික විද්‍යාඥයෝ

එඩිම්බරාව අසල කර්ක්කැලඩිහි උපත ලැබූ ඇඩම් ස්මිත් නිළධාරියෙකුගේ පුතෙකු විය.දාහතර හැවිරිදි වියේදී ග්ලිස්ගෝ විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.
එහිදී ඔහු පුරාණ ග්‍රික ලතින් කතුවරයන්ගේ ගද්‍ය පද්‍ය මෙන්ම ,ගණිතය සහ දර්ශනය වැනි විෂයයන් හැදෑරීය.1764 ටුරුස් ප්‍රදේශයේ සිටියදී ඔහු,
 "ඡාතීන්ගේ ධනය" නම් කෘතිය ලිවීම ආරම්භ කළේය.ආර්ථික විද්‍යාවේ නිදහස් පිළිවෙත පිළිබඳ ලියවුණු මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය 1776 මුද්‍රණ ද්වාරයෙන්
පිටවිය.ඡාතීන්ගේ ධනයෙහි දේශයක වස්තුව වැඩි දියුණු කර ගත හැකි අයුරින් එය ව්‍යාප්ත වන අයුරුත් එනම් නූතන ආර්ථික විද්‍යා‍වේ මූලිකාංග විස්තර කෙරේ.