අරපිරිමැස්මේ විද්‍යාව

Saturday, September 4, 2010

මුදල්




"භාණ්ඩ හා සේවාවලට මාරු කිරීම සඳහා හෝ භාණ්ඩ හා සේවාවල වටිනාකම මැනීම සඳහා හෝ ණයක් පියවීම සඳහා හෝ විනිමය මාධ්‍යක් වශයෙන් පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් මුදල් වේ."





මෙයින් කියවෙන්නේ මුදලින් ඉටුවිය යුතුයැයි අපේක්ෂා කරන කාර්යයන් සඳහා පොදුවේ භාවිතයට ගන්නා ඕනෑම දෙයක් මුදල් බවයි.මුදල් වෙනත් වත්කම් වලින් වෙන්කර දැක්වෙන ප්‍රධාන සාධකය වන්නේ "මුදල" ද්‍රවශීලතාවෙන් යුක්ත වීමයි.එනම් කාල පමාවක් නොමැතිව මුදල් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කළ හැකි වීමයි.
මුදලේ විකාශනය අවධි 3ක් යටතේ කතා කළ හැකිය.

  • ලෝහමය නොවන ද්‍රව්‍ය මුදල් වශයෙන් භාවිතා කළ අවධිය.
  • ලෝහමය ද්‍රව්‍ය මුදල් වශයෙන් භාවිතා කළ අවධිය.
  • ලෝහමය සහ ලෝහමය නොවන ද්‍රව්‍ය මුදල් වශයෙන් භාවිතා කරන අවධිය.

මුලින්ම භාණ්ඩ හුවමාරු ක්‍රමය පැවතිණි.එහිදී භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කර ගැනිණි.පසුකාලීනව යම් යම් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවිය.එනම්,

  • ද්වික සමපාතයක් නොමැතිවීම.
  • ඇතැම් භාණ්ඩ කොටස් කිරීමේ අපහසුව.
  • පරිහරණයේ දුෂ්කරතා.
  • ගබඩා කිරීමේ දුෂ්කරතා.
  • සේවාවන් හුවමාරු කරගැනීම ඉතා අපහසුවීම.
ඉහත ගැටලුවල ප්‍රථිඵලයක් ලෙස හුවමාරු මාධ්‍යක් වශයෙන් පොදුවේ පිළිගන්නා යම් යම් දේවල් මුදල් වශයෙන් භාවිතයට ගැනීමත් සමඟ මුදල් භාවිතය සිදුවිය.

හොඳ මුදලක ලක්ෂණ,
  • පොදු පිළිගැනීමක් තිබීම.
  • පහසුවෙන් හදුනාගත හැකිවීම.
  • අනුකරණ මුදල් නිකුත් කිරීම අපහසුවීම.
  • එහා මෙහා ගෙන යාමේ පහසුව.
  • මුදලේ අගය නිතර වෙනස් නොවීම.
  • ඉතා සුලභ හෝ දුලභ දෙයක් නොවීම.
  • රාජ්‍ය මුද්‍රාවක් තිබීම.

ආශ්‍රිත ග්‍රන්ථ:- මර්වින් ප්‍රනාන්දු, වින්සන්, ශ්‍රී ලංකාවේ මුදල් ආර්ථිකය(2000),යුනිවර්සල් ප්‍රින්ටින් සමාගම,නුගේගොඩ

3 comments:

  1. රුපියල් 7 පොලොවේ වලලන්න. ෆෙංෂුයි(2000) වලට අනුව මුදල් ලැබේවි.

    ReplyDelete
  2. රුපියල් 7 කාසි නැනේ

    ReplyDelete