අරපිරිමැස්මේ විද්‍යාව

Friday, September 3, 2010

මූලික ආර්ථික ප්‍රශ්න

සමාජීය සත්වයෙකු වන මිනිසා සිය ජීවිතය ගෙන යාමේදී නොයෙකුත් විධියෙන් සංවිධානය වී ක්‍රියා කරයි.ජාතික ආර්ථිකයකදී තමන් සතු සීමා සහිත සම්පත් තම අසීමිත උවමනාවන් අතර බෙදා හරිමින් ජීවිකාව ගෙන යාම සඳහා යම් ජාතික දේශ සීමාවක් ඇතුළත වෙසෙන ජන සමාජයක් ආර්ථික වශයෙන් සංවිධානය වී ඇත.

උදා:-ගොවිපළවල්
තේ,රබර් හා පොල්වතු
කර්මාන්ත ශාලා
බැංකු හා වෙළඳ ව්‍යාපාර
ලෝකයේ ඕනෑම ආකාරයක ආර්ථිකයක් මුහුණ දෙන මුලික ආර්ථික ප්‍රශ්න කිහිපයක් වෙයි.
  1. කුමක් කොපමණ නිපදවිය යුතුද?
  2. කෙසේ නිපදවිය යුතුද?
  3. කවුරුන් සඳහා නිපදවිය යුතුද?

පළමුව හිඟ සම්පත් කවර භාණ්ඩ කුමණ ප්‍රමාණයන්ගෙන් නිපදවීම සඳහා යොදා ගත යුතුද යන්න තීරණය කළ යුතුයි.
දෙවනුව නිපදවීය යුතු යැයි තීරණය වුණු භාණ්ඩ වර්ග හා ප්‍රමාණයන් කවර ආකාරයෙන් නිපදවිය යුතුද යන ප්‍රශ්නය මතු වෙයි.ආර්ථිකයේ නිෂ්පාදන සාධක හිමිකමේ ස්වරූපය, පවත්නා ශිල්ප ක්‍රම ආදී කාරණා උඩ නිපදවීමට තීරණය කැරුණු භාණ්ඩ නිපදවීය යුතු ඉතා ම සුදුසු ක්‍රමය තීරණය කරණු ලබයි.
තෙවනුව ආර්ථිකයේ මුළු නිෂ්පාදිතය සමාජයේ විවිධ පුද්ගලයන් හා කොටස් අතර බෙදා හැරෙන්නේ කෙසේ ද යන්න තීරණය කරණු ලබයි.

ආශ්‍රිත ග්‍රන්ථ:- ලක්ෂ්මන් ඩබ්.ඩී,ගුණසේකර.H.M(1998),ආර්ථික විශ්ලේෂණය,කරුණාරත්න සහ පුත්‍රයෝ,කොළඹ 10

No comments:

Post a Comment